Life
රසකාරක බහුල ආහාර මනස අවුල් කරනවා මානසික රෝග ඇතිවීමටත් හේතුවක්ද ?
ආයුර්වේදයේ සඳහන් කරන ආකාරයට පුද්ගල ශරීරය නිර්මාණය වීමේදී බලපාන ප්‍රධාන සාධක පහක් තිබේ.
එනම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ නමැති පංච මහා භූතයි.
මවුකුස
තුළ කලලය නිර්මාණය වීමේදී මෙම පංච භූතවල බලපෑමේ යම්කිසි අසමතුලිත තාවක්
නිසා රාගාධික, ද්වේෂාධික, මෝහාධික මෙන්ම සමාජ විරෝධී පෞරුෂයන් බිහිවීමේ
හැකියාවක් තිබෙන බව පුරාණ ආයුර්වේද පොත පතෙහි දක්වා තිබේ.
එමෙන්ම
යම් යම් පාරිසරික බලපෑම් නිසා ඇතිවන තත්ත්වයන් නිසාත්, පුද්ගලයන් සමාජ
විරෝධී ක්‍රියාවල නිරත වන ප්රවනතාවක් තිබේ. මෙම තත්ත්වයන් කෙසේ වෙතත්
මෙවැනි පුද්ගලයන්ගෙන් සමාජයට වන හානිය වළක්වා ගැනීමට නම් ඔවුන්ට නීතිය
පමණක් ක්‍රියාත්මක කිරීම ප්‍රමාණයෙන් මද බව පෙනේ.
රාගාධික,
ද්වේෂාධික, මෝහාධික මෙන්ම සමාජ විරෝධී පුද්ගලයන්ගේ මූලික හේතු සොයා බලා රෝග
නිදාන මුලිනුපුටා දැමීමක් කළ යුතු වන්නේ නිවැරැදි පෞරුෂයකින් හෙබි
පුද්ගලයකු බිහිකර ගැනීම වෙනුවෙනි.
"මානසික රෝග බෝවනවා දැයි", ඇතැම් තැනෙකදී ගැටලුවක් පැනනගින අයුරක් පෙනෙන්නට තිබේ.
අනිකුත්
රෝග මෙන් එය එසේ නොවන බව සෘජු පිළිතුරයි. නමුත් අප සමාජය තුළ මානසික රෝග
වාහකයන් ලෙසට හැසිරෙන පුද්ගලයන් බොහෝ තැන්වල සිටිනු දක්නට ලැබේ.
මෙම
මානසික රෝග වාහකයන්ගේ අසාමාන්‍ය ආක්‍රමණශීලී චර්යාවන්වලට යටත් වීමට
සිදුවීම නිසා එම තත්ත්වයන්ට යටත් වීමට ලක්වනු ලබන පුද්ගලයන්ගේ මානසික
ආතතිය වැඩිවීමෙන් ඔවුන්ගේ මානසික සෞඛ්‍ය පිරිහී යම් යම් මානසික ව්‍යාධි
තත්ත්වයන් ඇතිවීමේ හැකියාව තිබේ.
මෙයට හොඳම උදාහරණයක් ලෙසට
කාර්යාලවල විවිධ පුද්ගලයන් සමග රැකියාව කිරීමේදී ඔවුන් අතරින් ඇතැමෙක්
පුදුමාකාර ලෙසට ඊර්ෂ්‍යා කරන්නටත්, වෛර කරන්නටත්, කෙනෙහිලිකම් කරන්නටත්
පෙළැඹීම පෙන්වා දීමට පුළුවන.
මෙවැනි දේ කෙනකුට දරා සිටීමට හැකි
වුවත් තවත් කෙනකුට දරා සිටීමේ, එනම් ඉවසාගෙන සිටීමේ හැකියාවක් නොවේ. ඒ
හරහා ඔවුන් මානසිකව පහළට වැටී මානසික රෝග සාදාගන්නා ආකාරයක් නැත්තේ නොවේ.
එවැන්නෝ ප්‍රතිකාර සඳහා යොමුවන අවස්ථා අද දුලබ නොවේ.
එය, ඩෙංගු වාහකයා වන ඩෙංගු මදුරුවාට ඩෙංගු උණ නොවුණත්, වාහකයා දෂ්ඨ කරන මනුෂ්‍යයාට ඩෙංගු උණ වැළඳීමේ ඉහළ අවදානමක් තිබෙනවා මෙනි.
මෙම ඊර්ෂ්‍යාව, වෛරය කොතරම් ද කියන්නේ නම් තව කෙනකු මරණයට පත් කිරීමේ තත්ත්වයට පවා ඔවුන් පත්වීමේ හැකියාව තිබේ.
මෙවැනි වූ පුද්ගලයන් එකවර මානසික රෝගීන් ලෙස නොපෙනුqණත් මෙහි යථාර්ථය යම්කිසි වූ මානසික විකෘති කොටසක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.
පෘථග්ජන මිනිසුන් වන අපට ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය යම්තාක් මට්ටමක පැවැතීම සාමාන්‍ය දෙයකි.
තමන්
කැමැති දෙයක් නොලැබීමත්, එම නොලැබීම නිසා ඇතිවන තත්ත්වය මත තමන්ගේ සිතේ
පහළ වන හිංසාකාරී සිතුවිලිත් ඉහත සඳහන් කළ තත්ත්වයන්ට මුල්වන බවත්, රාගය
නිසාවෙන් මිනිසුන් ඇලෙන බවත්, ද්වේෂය නිසා ගැටෙන බවත් බුදු දහමේ හොඳ හැටි
පෙන්වා දී තිබේ.
මෙම තත්ත්වයන් සඳහා මූලික හේතුව වශයෙන් අප අත්විඳින මානසික ආතති ජනිත කරන, අප ජීවත් වන සමාජ රටාව පෙන්වා දීමේ හැකියාව තිබේ.
අප
බොහෝ වේලාවට කායික රෝග නිවාරණය පිළිබඳ දැඩි සැලකිල්ලක් දැක්වුවද, මානසික
සෞඛ්‍ය සමතුලිත තත්ත්වයක පවත්වා ගෙන යැම සඳහා එතරම් උනන්දු වන්නේ නැත.
එහි
ප්‍රතිඵලය ලෙස පුද්ගලයාගේ චර්යාව තුළින් මෙවැනි වූ අසාමාන්‍ය සමාජයට
අහිතකර චර්යාවන් නිර්මාණය විය හැකි බව හෙළ වෙදකමේ, මානසික සෞඛ්‍ය පිළිබඳව
සටහන් වීමේදී සදහන් වී තිබේ.
මේ සඳහා අපගේ ඇවතුම් පැවතුම්, එනම්
නින්ද, ආහාරපාන ලිsංගික ජීවිතය වැනි සාධක සෘජුව හෝ වක්‍රාකාරව සම්බන්ධයක්
තිබෙන බව එම පොත්පත්වල තවදුරටත් සඳහන්ව තිබේ.
සමාජයක, රටක, ප්‍රජාවක දියුණුව ර¹ පවතින්නේ එම පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍ය කෙතරම් ඉහළ මට්ටමක තිබෙනවාද යන සාධක මතයි.
යම්කිසි
සමාජයක් තුළ නවක වදය වැනි ක්‍රියාකාරකම් මතින් ළමා අපචාර වැනි
ක්‍රියාකාරකම් මඟින් කල කෝලාහල වැනි සංසිද්ධීන්, ස්ත්‍රීන් දූෂණය වැනි
කාරණා මගින් එම සමාජයේ වෙසෙන පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍ය නිර්මාණය කරන
ප්‍රධාන නිර්ණායකය හැටියට සඳහන් කිරීමේ හැකියාව තිබේ.
ආතතිය නැතිකර
ගැනීමට හිසට තෙල් ගැල්වීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව තිබීමෙන්
රෝග තත්ත්වයන් දක්වා දුරදිග යැමේ තත්ත්වයන් වළක්වා ගැනීමේ හැකියාව ඇත.
ධනාත්මක
චින්තනය පමණක් සිතට ඇතුළු කිරීSමට වෙහෙසෙන අද සමාජයේ එම ක්‍රමවේදය ද
සුදුසු නොවන බවක් පෙනෙන්නට තිබෙන්නේ ගුණ දහම් පිළිබඳ පෝෂණයක් දක්නට
නොලැබෙන නිසාවෙනි.
මෙම සියලු සංසිද්ධීන් මනෝ මූලිකව පැනනඟින
සංසිද්ධීන් වන නිසා දේශීය වෙදකමට අනුව මානසික සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමේ
ප්‍රධාන උපදේශයක් හැටියට නින්ද සඳහන් කර තිබේ. කීදෙනෙක් නම් වෙලාවට නිදා
ගන්නවාද, වෙලාවට ඇහැරෙනවාද යන කාරණාව අද මූලික ගැටලුවකි.
පුද්ගලයකු
ලැබිය යුතු නියමාකාර නින්ද නොලැබීම හේතුවෙන් එම ජීව විද්‍යාත්මක අවශ්‍යතාව
නොපිරිහෙලා ඉටු නොවීම තුළ එම පුද්ගලයාගේ මානසික සෞඛ්‍ය පිරිහීමේ හැකියාව
තිබේ.
පාරම්පරික සරල ජීවිතයෙන් ඈත්වීම මේ සියලු දෙයට මූලික වී ඇති බව පිළිගත යුතු කාරණාවයි.
රස
කාරක යෙදූ ආහාර මනස විකෘති කරන බව මානසික ව්‍යාධිවලට මුල පුරන බව මෑතකදී
ඇමරිකා එක්සත් ජනපදයේ එළිදැක්වූ Fදදා aබා පසබා යන ග්‍රන්ථයෙන් පවා එළි
දක්වා තිබේ.
රස කාරක යෙදූ ආහාර අනුභවය නිසා දේශීය වෛද්‍ය
න්‍යායාත්මකව අප ශරීර තුළ තිබෙන රත්, පිත කුපිත වීමේ හැකියාවක් තිබෙන බවත්
කුපිත වූ රත් පිත ඌර්ධවගත වීම නිසා (උඩුකුරුව ගමන් කිරීම) මනස අවුල් කරන
බව චරක ආචාරීන් පවා මනෝ ව්‍යාධි පිළිබඳ විග්රහ කරන මාධව නිධානය නමැති
ව්‍යාධිවේදී ග්‍රන්ථයේ සඳහන් කර තිබේ.
එමෙන්ම අපගේ ඇසට යොමුවන
අරමුණු කෙතරම් දුරට මානසික හිතකාමී ද, කනට යොමුවන අරමුණ කෙතරම් මානසික
හිතකාමී ද යන කාරණාවන්ට අවධානය යොමු කළයුතු අයුරක් අප සමාජය හමුවේ පවතී.
ප්රශ්නය
කෙතරම් බරපතළ වුවද අපගේ සාම්ප්‍රදායික දේශීය වෛද්‍ය දැනුම, ඥනය, මේ සඳහා
මූලික කර ගැනීමේදී ලෝකයේ ඇතිවී තිබෙන මෙම තත්ත්වයන් වෙනස් ආකාරයකට විස¹
ගැනීමේ හැකියාවක් නිසැකවම තිබෙන බව සටහන් කිරීමේ හැකියාව තිබේ.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks